Powered By Blogger

Thursday, September 13, 2012

තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ

අහසක් දුටිමි අහසේ ඉර හඳ දුටිමි

කළුවක් දුටිමි අහසට වැහි දෙනු දුටිමි

තරුවක් දුටිමි වැටුනත් එහි එළි දුටිමි
පොළවක් දුටිමි දරු දුක උහුලනු දුටිමි

පලින් පල ගොසින් සිය කූඩුව බැන්ද

රුපුන් වන සතුන්ගෙන් හිරිහැර වින්ද
පෙමින් සුරැකි උන් යන විට පියඹන්ට
නෙතින් කඳුළු නොහෙළා ලෝ දම් වින්ද

වනේ වන බමරු ගුමු දී රොද බඳින
රනේ රන් රුවින් තව අය තුරුළු වෙන
වනේ කොටා හිත ඒ අය යන්ට යන
දිනේ මගෙ පුතේ කියලා හිත හදන

ගලින් නෙළ නෙළා සිවුරට රැළි දුන්නේ

රළින් රළ නඟන වැවකට දිය දුන්නේ
පියෙන් පිය නැඟෙන්නට උරහිස දුන්නේ
මනින්න බැරි තරමට සෙනෙහස දුන්නේ

පාත්තරේ මෙන් රැස් කළ දුක් ගින්නේ

කාත් කවුරුවත් නැති ගිරි දඹ නැම්මේ
පාත් නොකර හිස, දිවි පියවර ගැන්නේ

තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ

Tuesday, September 11, 2012

සිහින

හෑම හීනයක්ම සෑබෑවෙන් නෑ, සමහර හීන සෑබෑවෙන් නෑති එක හොදයි.

හීන මoසලට සාදරයෙන්

අපි හෑමෝටම හීන තියනවා. මටත්, එත් මම මාව මුලින් හදුන්වන්නම් මම නිකම්ම නිකම් සිම්පල් කෑරෙක්ටර් එකක්. මටත් හීන තිබුණා.... අදටත් තියනවා.ඒ හීනවල ප්‍රතිපලයක් ලෙස අද මම තෑනක ඉන්නවා......එත් අනාගතය ගෑන දෙගිඩ්යාවෙන්, මෙ දවස් වල මම ගෙදරට වෙලා මොකද සරසව් වහාලානේ. ඉතින් පාලුව කාන්සිය මකාගන්න මම මේ වෑඩෙට අත ගෑහුවේ, හරි මමගෑන මගෙ හීන ගෑන ගොඩක් දේවල් ඔයාලට ඉදිරියට දෑනගන්න පුලුවන්............