තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ
අහසක් දුටිමි අහසේ ඉර හඳ දුටිමි
කළුවක් දුටිමි අහසට වැහි දෙනු දුටිමි
තරුවක් දුටිමි වැටුනත් එහි එළි දුටිමි
පොළවක් දුටිමි දරු දුක උහුලනු දුටිමි
පලින් පල ගොසින් සිය කූඩුව බැන්ද
රුපුන් වන සතුන්ගෙන් හිරිහැර වින්ද
පෙමින් සුරැකි උන් යන විට පියඹන්ට
නෙතින් කඳුළු නොහෙළා ලෝ දම් වින්ද
වනේ වන බමරු ගුමු දී රොද බඳින
රනේ රන් රුවින් තව අය තුරුළු වෙන
වනේ කොටා හිත ඒ අය යන්ට යන
දිනේ මගෙ පුතේ කියලා හිත හදන
ගලින් නෙළ නෙළා සිවුරට රැළි දුන්නේ
රළින් රළ නඟන වැවකට දිය දුන්නේ
පියෙන් පිය නැඟෙන්නට උරහිස දුන්නේ
මනින්න බැරි තරමට සෙනෙහස දුන්නේ
පාත්තරේ මෙන් රැස් කළ දුක් ගින්නේ
කාත් කවුරුවත් නැති ගිරි දඹ නැම්මේ
පාත් නොකර හිස, දිවි පියවර ගැන්නේ
තාත්තලා ඒ හින්දයි බුදු වෙන්නේ
දස මස කුස නොදෑරුවාට,ලේ කිරි කර නොපෙව්වාට,අම්මා තරමටම දරුවන් වෙනුවෙන් කප්පරක් පෑතුම් පොදි බදින පියතුමන් මතු බුදු වේවා!
ReplyDeleteඅම්මා වරුන් පමණක් නොව මතු බුදු වන්නේ................
තාත්තලත් මතු බුදු බව ලෑබ ගන්නේ............................!!!